Breaking News

ලංකාවේ සුපිරි ජීවිතයක් ගතකරන මංජුල පිරිස්ගේ පුතා කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ රහස කුමක්දැයි හෙළි කරයි

මංජුල පීරිස් කියන නම කියූ සැනින් ඔබ ඔහුව අනිවාර්‍යයෙන්ම හදුනනවා ඇති. ඔහු ලංකාවේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂයවේදියෙක්.

 මේ කියන්න යන්නේ ඔහුට වඩා වෙනස් අඩි පාරක ගිහින් කෝටිපතියෙක් වුණු ඔහුගේ පුතා මන්චන තාරක පීරිස් ගැන. ඔහු වයස අවුරුදු අටේදී පලමුවෙන්ම රුපවාහිනි වෙළද දැන්වීමකට පෙනී ඉදලා තියෙනවා.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් ඉගෙනුම ලබපු මන්චන අවුරුදු දාහත වෙද්දි ගීත වලට ප්‍රචාරය වුණු රූප රාමු වල වගේම චිත්‍රපට වලටත් තම රංගන දායකත්වය ලබාදීලා තියනවා.

2018 වසරේ අන්තර්ජාතික “Man Hunt” තරගාවලියේ “Most Popular” අංශයෙන් කිරුළ හිමි කරගන්නත් ඔහුට පුලුවන්කම ලැබුණා. මන්චන අවසානයේදී තමන් පෝසතෙක් වුණු ඇත්තම රහස මාධ්‍යට හෙලි කරනවා.

 ඔහු රගපෑමේ නිරත වන අතරේ තමන්ගේම මැණික් ව්‍යාපාරයක් කරගෙන යන්නත් කටයුතු කරා. මේ ව්‍යාපාරය තමයි ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙන්නේ. මැණික් ව්‍යාපාරය තුලින් ඔහු ඉහලම දියුණුවක් ලබනවා.

මේ නිසා තමයි අඩු වයසෙන් ඔහුට මිලියනපතියෙක් වෙන්න පුලුවන්කම ලැබෙන්නේ. සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන තරුණයෙක් විදියට බොහෝ දෙනෙක් මොහු ගැන දැනන් හිටියත්, විවිධ පොදු සමාජ සත්කාර ආදියෙහි නියලෙන මන්චනගේ අනාගත බලාපොරොත්තුව තමයි කවදහරි තමන් විසින්ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම.


No comments